ශ්‍රි ලංකාවේ රුහුණු ප්‍රෙද්ශය මුල් කර ගත් කතරගම පුදබිම ජාති ආගම් බේදයෙන් තොරව සියළු ජනයාගේ වන්දනාමානයට පත්වූ පූජා භුමියකි. සිංහල,ද්‍රවිඩ, මුස්ලිම් යන සියළු ආගමිකයන්ට අයත් ආගමික ලක්ෂණ මෙම පුදබිමෙහි තබීම ද සුවිශේෂය. දිගු ඉතිහාසයකට උරුමකම් කියන කතරගම පුද බිම හා බැදුණු ඉපැරණි චාරිත්‍ර විධි මෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ කිරි වෙහෙර ද පිහිටීම නිසා මේ පින්බිමට ජනතාව ඇදී ඒම වැඩි වීමට හේතු වී තිබේ.
කතරගම දේවාල පෙරහැර
සිංහල. හින්දු, මුස්ලිම්,
ආදිවාසීන් ආදී සියලු ජනයාගේ
ආගමික පෙරහැරක් ලෙස හැඳින්වේ. ඉරහද පවතිනා තෙක්ම මෙම
පෙරහැර පැවැත්විය යුතු බවට දුටුගැමුණු මහ රජු විසින් අණ කර ඇති බව කියැවේ.
අරමුණු
Ø බැතිමතුන්ගේ අපල උපද්‍රව
දුරු කිරීම.
Ø දේවාශිර්වාදය ලැබීම හා
රටට සෙත්පැතීම.
Ø වර්ෂාව හා සශ්‍රීකත්වය
ලබා ගැනීමට
Ø ස්වාභාවික විපත් වලින්
රට බේරා ගැනීම.
පෙරහැර පැවැත්වෙන කාලය
කප් සිටුවීමෙන් දින
44ක් ගෙවුණු තැන දී එළඹෙන අමාවක ගෙවී. පුර පෑළවිය දිනයේ පුස නැකතින් කතරගම
දේවාලයයේ පෙරහැර ආරම්භ වේ. ඇසළ මාසයේ මංගල්‍යය පැවැත්වෙන මුළු කාලය තුළ ම කතර
දෙවියන් මිනිස් ලොවට පැමිණ සිටුවන ලද කපෙහි වාසය කරන බවට විශ්වාසයක් පවතී. එනිසා
සිටවන ලද කප පූජා වස්තුවක් ලෙස සලකනු ලැබේ.
කතරගම මහා දේවාලයේ පෙරහර අතර
Ø
බක් මහ පෙරහැර
(අවුරුදු පෙරහැර)
Ø
ඇසළ පෙරහැර
Ø
ඉල් මහ පෙරහැර
යනුවෙන්
පෙරහැර තුනකි. මේ අතර ඇසළ පෙරහැර වඩා සුවිශේෂි ලෙස සැලකිය හැකිවේ.
ඇසළ පෙරහැර
ඇසල මහා පෙරහැර
ආරම්භයට පළමුවෙන් කප් සිටුවීම සිදු කරයි. කප් සිටුවීමෙන් පසුව පෙරහැර ආරම්භ වීමට
පෙර දින චාරිනුකූලව සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පූජා භූමිය තුළ පිහිටි සංඝාවාස
භුමියේ පිරිත් මණ්ඩපයේ පැවැත් වෙයි. එයද චිරාගත සම්ප්‍රදායකි. බස්නායක නිළමේතුමාගේ
ප්‍රධානත්වයෙන් එම පිරිත් දේශනය පත්වා පසු දින ආරම්භ වන පෙරහැර මංගල්‍යයට ආශිර්වාද
ලබා ගනී.
පළමු පෙරහැර මහවීදිය
ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් එම මාවත ඔස්සේම මහා දේවාලයට පිවිසේ. මෙම පෙරහැර
නම් කර ඇත්තේ 'මංගල පෙරහැර
" වශයෙනි. මඟුල් පෙරහැර පැවැත්වෙන දිනයෙහි දී විශේෂ කැවුම්, කිරිබත් සකස් කිරීම
චාරිත්‍රයක් වශයෙන් සිදුවන්නකි. මෙම කැවිලි සකස් කරනුයේ දේවාලයේ තේවාකරුවකු වන
ගම්පහ විදානේ විසිනි. පෙරහැර පටන් ගැනීමේ දී " වත බැඳීම '' නම් චාරිත්‍රයක් වේ.
වත බැඳීම යනු දේවාභරණ ගෙන යන ඇතු පිට වස්ත්‍ර ඇතිරීමය.
දෙවන දිනයේ වේගවත්
පෙරහැර '' නමින්
හැඳින්වෙන විශේෂ පෙරහැරක් පැවැත්වේ. දුවන පෙරහැර යනු මෙයට තවත් ගමකි.
මෙම පෙරහරේ තවත්
වැදගත් අංගයක් වන්නේ ගිනි පෑගීමයි. දොළොස්වැනි දින පෙරහැර දේවාලයට ගෙවදීමෙන් පසු
මහා දේවාලය ඉදිරිපිට රාත්‍රි විශාල ගිනි මැලයක් දල්වා අඟුරු බවට පත්වීමෙන් පසු
බැතිමතුන් මැලය මැදින් තරණය කරන ගිනි පෑගීමේ චාරිත්‍රය ඉටු කරනු ලැබේ. ගිනි පෑගීම, බිම පෙරළීම, කටු ගැසීම ආදි දුෂ්කර
කාර්යයන් හි නියැලෙමින් දෙවියන් වෙනුවෙන් දැඩි භක්තිය ප්‍රකාශ කරති.
මුරුගන් නමින් දෙමළ
ජනතාව හඳුන්වන කතරගම දෙවියන්ට විශාල ගෞරවයක් හා භක්තියක් දක්වමින් ඔවුන් දින
ගණනාවක් පාද යාත්‍රාවේ පැමිණි කතරගම දෙවියන් වෙත පුද පූජා සිදු කරයි.අතර අලි කොටි
ගැවසෙන වන සතුන් මැදින් පාවහන් පවා නොමැතිව දුෂ්කර වෘත ගෙවමින් ඔවුන් සිදු කරන්නා
වූ මහත් වූ ගෞරව පූජාව මෙරට වෙනත් කිසිදු ආගමික් ස්ථානයක් වෙනුවෙන් දක්නට නොලැබේ.
පෙරහැර අවසාන දිනයෙන්
පසු දින දිය කැපීමේ පෙරහැර උදෑසන කාලයේ දේවාලයෙන් පිටත්ව වල්ලි අම්මා තොටුපළින්
ගඟට බැස දිය කපන ජීවමාලි තොටුපළ දක්වා ගමන් කර දිය කැපීමේ චාරිත්‍රය ඉටුකරයි. දිය
කැපූ කපු මහතා වල්ලි අම්මා දේවාලය තුළ සිට සවස් වරුවේ චාම් පෙරහැරකින් මහා දේවාලය
කරා රැගෙන එයි. රාත්‍රියේ කෙරෙන වස් ඇරීමේ කටයුත්ත අවසන් කිරීමෙන් පසු පෙරහැරේ
සියලූ කටයුතු නිමාවට පත්වේ.
ගායන හා වාදන අවස්ථා -:
ඇසළ පුරපසළොස්වක ගෙවී
අව පෑළවිය ලබන දිනයේ දී පැවැත්වෙන දුවන පෙරහැරත් සමඟ මහා දේවාලයයෙන් නික්ම වල්ලි
අම්මා දේවාලය වෙත යාමෙන් පසු විශේෂ හේවිසි වාදනයක් දැකිය හැකි ය. නිලධාරීන්
ඉදිරියේ පැවැත්වෙන හේවිසි වාදනයේ දී වාදනය කරනු ලබන්නේ එම අවස්ථාවට පමණක් සැකසුණු
බෙර පදයකි. මෙම බෙර පදය නම් කර ඇත්තේ ''වීර පදය '' නමිනි.
හේවිසි වාදනය මෙන් ම, තවිල් බෙරය නාගස්වරම්
ආදි භාණ්ඩ වාදනය කිරීම මෙම පෙරහැරේ දැකිය හැකි ය. ඊට අමතර ව දේශීය වාද්‍ය භාණ්ඩ ද
භාවිත කෙරේ. දෙවියන් වැඩම කිරීම සිදු කරන්නේ මහා දේවාලයයෙන් ලබාගත් පිරිත් පැන්
දේවාලයය පුරා ඉසීමෙන් හා දේවාලය තුළ තැන්පත් කිරීමෙන් අනතුරු ව ය. එහි දී "
හරෝ හරා '' නාදයෙනුත්
තූර්ය වාදන, ඝණ්ටා හා සීනු
නාදයෙනුත් අවට පරිසරය ගිගුම් දෙයි. පෙරහැර එළිය කරන පන්දම්කරුවන් ද, සුවඳ දිය සහ මල්
ඉසින්නන් ද, මාර්ගය පවිත්‍ර
කිරීම පිණිස කහ දියර ඉසින්නන් ද, ස්තෝත්‍ර සහ
දුවිඩ ගීතිකා ගායනය කරන්නන් ද, පෙරහැර
දෙපසින් ගමන් කරනු දැකිය හැකි ය. මෙහි දී සිංහල හා ද්‍රවිඩ ජනතාවගේ එකමුතුකම ද
පෙනේ.මෙහි දිස් වන්නේ රජ පෙරහැරක ස්වරූපයකි. ඊට හේතුව රජ පෙරහැරක ඇතුළත් වූ සැම
අංශයක් ම මෙම දේවාල පෙරහැරෙහි අන්තර්ගත ව තිබීම ය.
නර්තන රංග වස්ත්‍ර හා සැරසිලි
පෙරහැරෙහි වැඩම කරවනු
ලබන ශුද්ධ වස්තු, යන්ත්‍ර හා
දේවරූප, වාසනාමේදිය වෙත ගෙනයනුයේ කපුරාල ය. දේවාලයේ සිට මේදිය තෙක්
වූ මාර්ගය රතු පලසක් වැනි පාවාඩයකින් සහ සුදු වියනකින් සැරසීමත්, ශුද්ධ වස්තූන් ගෙන යන
කපුරාල මුඛවාඩමකින් හා තලප්පාවකින් සැරසීමත් මේ අවස්ථාවේ දී දැක ගත හැකි ය. අලි
ඇතුන් ගෙන් මෙන්ම විදුලි බුබුළු වලින් හා වීදි සැරසිලිවලින් පෙරහැර අලංකාර වෙයි.
පෙරහැරේ ඉදිරියෙන්ම සිටින්නෝ ඉර හඳ නිරූපණය කෙරෙන සිංහල ඡත්‍ර, සේසත් දරන්නන්, හා දිසා කොඩි දරන්නෝ
ය. පෞරාණික නියමයන් අනුව තම තමන්ට නියමිත කොඩි ඔසවා ගත යුත්තේ නින්දගම් ලද්දවුන්
විසිනි.
ඊළඟට නිලමේ ඇඳුමෙන් සැරසුණු බස්නායක නිලමේ සහ
දේවාලයේ ලේකම්වරයා දැකිය හැකි ය. ඔවුන් දෙදෙනා දෙපස කපුරු සහ පහන් අතැති හේවා
කරුවෝ දෙදෙනෙක් සිටිති. දෙවියන් වැඩම වන ඇතු පිට මුඛවාඩමින් සැරසුණු කපුරාල ය.
දෙවියන්ගේ ආරක්ෂාවට මෙන් එසේ ගමන් කරනුයේ මහ දේවාලයයෙහි සේවාව කරන ප්‍රධාන
කපුරාලයි. ඇතු පිටුපසින් අත්වැල් බැඳගත් ''ආලත්ති අම්මලා '' ගමන් කරති. උඩරට, පහතරට හා සබරගමු ආදි
සාම්ප්‍රදායික නර්තන අංග මෙන්ම කුලු, ගොයම්, රබන්, සවරන්, චාමර, වේවැල්, තාලම්, ලී, කඩු ආදි විවිධ ගැමි නැටුම් වලින් ද සිංහ
නැටුම හනුමන්තා නැටුම, මොනර නැටුම
ආදි නිර්මාණ නැටුම් වලින් මෙම පෙරහැර අලංකාරවත් වේ. ද්‍රවිඩ සංස්කෘතිය හා බැඳී
කාවඩි නැටුම, කොහොඹ කළය, කරගම් ආදී නැටුම් මෙම
පෙරහැරෙහි සුවිශේෂ වේ. සාම්ප්‍රදායික බෙර වාදන ඇඳුම් කට්ටලය හා සාම්ප්‍රදායික
නර්තන ඇඳුම් කට්ටල ද භාවිත කරන අතර විවිධ ආකාරයට නිර්මාණය කරන ලද රංග වස්ත්‍රාභරණ
ද නැටුම් සඳහා භාවිත කරනු දක්නට ලැබේ. ගායනය, වාදනය හා නර්තනය සඳහා ස්ත්‍රී. පුරුෂ
දෙපිරිස ම සහභාගි වෙති.
නිවැරදි
පිළිතුර යටින් ඉරක් අඳින්න.
01. කතරගම
පෙරහැර පවත්වනු ලබන්නේ කප් සිටුවීමෙන් දින කියකට පසුවද?
1. 50 කට පසු 2.
44 කට පසු 3. 30 කට පසු 4. 21 කට පසු
02. කතරගම
පෙරහැරේ දැකිය හැකි විශේෂ චාරිත්‍රයකි.
1. දිය පෑගීම 2. මිල්ල කැපීම 3. ගිනි පෑගීම 4. ගස් පේ කිරීම
03. පෙරහැර
ආරම්භ කිරීමේ දී සිදු කරනු ලබන ප්‍රධාන චාරිත්‍රයකි,
1. වත බැඳීම 2. රන් බැදීම 3. නූල් බැඳීම 4. මාල බැදීම
04. කතරගම
පෙරහැර නිමා කරනු ලබන්නේ,
1. නානුමුර
මංගල්‍යයනි 2. ගිනි පෑගීමෙනි 3. දිය කැපීමේ මංගල්‍යයනි 4. කටු ගැසීමෙනි
05. දෙවියන්
වෙනුවෙන් දැඩි භක්තිය ප්‍රකාශ කිරීමේ අංගයක් වන්නේ,
1. කටු ගැසීම 2. වත බැදීම 3. නූල් බැදීම 4. පොල් ගැසීම
නිවැරදි
පිළිතුර තෝරා යා කරන්න.
06. හේවිසි
වාදනයේදී වාදනය කරන පදයකි නාගස්වරම්
07. ද්‍රවිඩ
නැටුමකි ආලත්ති
අම්මාවරු
08. ඇතු
පිටුපසින් අත්වැල් බැද ගමන් කරනු ලබන්නේ දුවන
පෙරහැර
09. ද්‍රවිඩ
වාද්‍යභාණ්ඩයකි කොහොඹකලේ
10. වේගවත්
පෙරහැර යනු වීර
පදය
කෙටි පිළිතුරු
සපයන්න.
01. කතරගම
පෙරහැර පැවතීමේ අරමුණු 04 ක් ලියා දක්වන්න.
02. පෙරහැර හා
සම්බන්ධ සුවිශේෂී චාරිත්‍ර විධි 03 ක් නම් කරන්න.
03. කතරගම
දේවාලයේ සාම්ප්‍රධායික වශයෙන් වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධාන මංගල්‍ය උත්සව 03 ක් නම්
කරන්න.
04. ද්‍රවිඩ
වාද්‍ය භාණ්ඩ 2 ක් නම් කරන්න.
05. කතරගම
පෙරහැරේ දැකිය හැකි නර්තන අංග 5 ක් නම් කරන්න.
ක්‍රියාකාරකම
කතරගම පෙරහැරේ
ඡායාරූප සොයා ගෙන පොතෙහි අලවන්න.
සැකසුම -
දිනේෂ් ජයසිංහ/මේනකා බන්දුල


Post a Comment